Wednesday, August 15, 2012

දෙවෙනි අම්මා

ඕනෑම මිනිසෙකුගේ අද්‍යත්මය මුවහත් කරන තැන ඔහු / ඇය උගත් පාසල වනු නිසැකය.

දහසක් කාලකන්නිකම් වලින් පිරිච්ච මගේ ජීවිතේ මට ලැබුණු ලොකුම වාසනාවක් උනේ හොඳ ස්කොලෙක ඉගනගන්න ලැබීම. අට පාස් අප්පච්චීත් ඕලෙවල් වලට විතරක් ඉගෙනගෙන තිබ්බ අම්මත් මාව මලියදේවයට දැම්මේ කොහොමද කියල මම තවම එයාලගෙන් ඇහුවේ නෑ. කොහොම හරි එයාල මාව 
මලියදේවයට ඇතුල් කරලා තිබුනා. පවුලේ තිබුනා ප්‍රශ්නත් ආර්ථික අමරුකමත් එක්ක මේ වගේ උසස් ස්කොලෙක ඉගෙනගන්න එක ලේසි උනේ නෑ. එකම ඇඳුම හෝද  හෝද  ඇඳගෙන කැඩුණු සපත්තු දාගෙන මමත් කොහොම හරි අවුරුදු 13ක් මලියදේවයේ ඉගෙන ගත්තා. 

ඉගෙනීමට හෝ ක්‍රීඩාවට උපන් හපන් කම් නොතිබුනත් මේ දෙකම ෂේප් එකේ කරගෙන ඉන්න මට පුළුවන් උනා.

අපේ
ස්කොලෙක යාළුවන් අතර දුප්පත් පෝසත් බේදයක් කවදාවත් අපි අත්වින්දේ නෑ. එහෙම උනානම් මට ඒ කාලේ ඇඩ්රසුත් නෑ. පොඩි පොඩි ප්‍රශ්න ඉඳහිට ඇතිඋනත් අපි හැමෝම හොඳ යාලුවෝ උනා. ඒ යාළුකම් අදටත් වලංගුයි. කැම්පස් යන්න තරම් ඉහලින් A/L පාස් වෙන්න තරම් මම  උගතෙක් උනේ නැහැ. එත් අදටත් ඉගෙනගත්තේ මලියදේවයේ කියලා කියන්නේ පුදුම ගැම්මකින්.       
මාව නිවැරදි මාර්ගයකට යොමු කර සමාජයට වැඩදායක මිනිසෙකු කිරීමට ඔබ ලබා දුන් පන්නරයට මම සද ණයගැතියි මගේ මලිදෙව් අම්මේ. ඔබේ සෙවනේ හැදුනු වැදුණු මට අදටත් ආඩම්බරයෙන් කියන්න කියන්න පුළුවන් මම උගත්තේ මලියදේවයේ කියලා. ඔබේ සෙවනේදී ලැබුණු විනයත් සහෝදරත්වයත් උනුන් ගරු කිරීමත් අදටත් ප්‍රායෝගිකයි. මගේ දෙවෙනි අම්මා ඔබයි. කාලකන්නිකම් අත මිට මොලවාගෙන  උපන් මා වැන්නවුන් ඒ
කාලකන්නිකම් වලින් මුදවාගත් ඔබ මේ කුරුණෑගලට පමණක් නොව මුළු රටටම සම්පතකි මගේ දෙවෙනි අම්මේ. මා ඔබට සද යගැතියි.

Monday, August 13, 2012

ලෝකෙන් උතුම් රට...

මේ සීන් එක කිසිම INTEREST එකක් නැති එකක් වෙන්නත් පුළුවන්.


ගිය මැයි මාසේ මම අයෙත් වතාවටත් යුරෝපෙට ගියා. පුරුදු විදිහට ශ්‍රී ලන්කන් SRI LANKAN AIRLINES තමයි ගියේ. Colombo - Frankfurt ෆ්ලයිට් එක පැය දහයකුත් ගානක්. අතේ තිබ්බ සේසතම 2වෙන පාරටත් කුඩු. ඒත් ගියපු වැඩේ 100% success.


දවස් ගානක් යුරෝපේ රටවල් කීපයක ඇවිදලා ආයෙත් Frankfurt වලට ඇවිත් දවස් 2ක් හිටියා. ආපහු ගෙදර එන්න පුදුම තදියමකින් හිටියේ. මොකද ලංකාව තරම් ෆිට් වෙන රටක් මට මේ ලෝකේ නෑ. දවසක් යාලුවෙක් ඇහුව "උඹ ඔච්චර රටවල් වලට යන එකේ, වැඩියෙන්ම යන්ඩ ආස රට මොකක්ද?" කියලා. මම කීවේ "යන්ඩ ආසයි කියලා විශේෂ රටක් නෑ. ඒත් වෙන රටකට ගියාම ආපහු එන්ඩ අස රටක් තියෙනවා" කියලා. මම ඒ තරම මගේ රටට ආදරෙයි. ඒ හින්ද වෙනද ඇති අපේ පාලකයෝ අපේ රටේ මේ විදිහට නාස්ති කරන එක ගැන මට ගොඩක් දුක හිතෙන්නේ.  


කතාව ටිකක් පීලි පැන්නා. සොරි හොඳේ.


කොහොම හරි ආපහු එන දවසේ ඔච්චර කල් ජර්මනියේ නවතන් දුන්න මගේ මිත්‍රයා මාව එයාපෝර්ට් එකටත් ගෙනත් දැම්මා. චෙකින් කරගෙන ෆ්ලයිට් එකට බෝඩ් වෙන්න ආවම මගේ ඇස් උඩ ඉන්ද උනා. හරියට නිකන් චෙන්නායී ඉඳල flight එකක එනවා වගේ. 90% විතර පසෙන්ජර්සලා ටැමිල් අය. ගොඩක් ජර්මන් පාස්පෝර්ට් තියෙන අය තමයි හිටියේ. ඒ කියන්නේ යුද්දේ කාලේ සරනාගතයෝ විදියට ගිහින් පස්සේ ජර්මන් පුරවැසියෝ වුන අය.


මොනවා උනත් ඒ මිනිස්සු SRI LANKAN AIRLINES එකේ fly කරන එක ගොඩක් වටිනවා. නැත්නම් මම හිතන්නේ අපේ flight වල යන්න පසෙන්ජර්සලා ගොඩක් නැති වෙයි. ලංකාවේ හැම දෙයක්ම reject කරන Europe වල ඉන්න ටැමිල් අය SRI LANKAN AIRLINES එක මේ විදියට තෝරගන්න එකත් එක අතකට මට මහා ප්‍රෙහෙලිකාවක්.


ප්‍රබාකරන් කපල දුන්න පාරෙන් මේ මිනිස්සු පිට රට වලට ගිහින් එහෙදී දරුවොත් හදාගෙන හොන family life එකක් ගත කරනවා. දැන් ප්‍රබාකරන් මැරිලා... ඒත් ඒ යක්ෂයා හදල දුන්න පාරෙන් දහස් ගානක් ටැමිල් අය පිටරටවල හොඳ ජීවිතයක් ගත කරනවා.


අපිට පිට රටවල හොඳ ජීවිතයක් ඕනේ නැහැ. ඒත් අපිට මේ රටේ සුපිරි ජීවිතයක් ගතකරන්න පුළුවන් මට්ටමට දියුණු කරලා දෙන්න පුළුවන් පාලකයෙක් බිහි වෙන්නේ කවදද කියලා හිතෙනවා. මොකද දියුණු රටවල මිනිස්සු අත්විඳින පහසුකම් වලින් 10% ක් වත් පහසුකම් අපිට අපේ රටේ නැහැ.


ඔන්න මගේ 1st පොස්ට් එක. අඩු පාඩු තියෙනවනම් පොඩ්ඩක් කියන්ඩ. ඔයාලගේ අදහසුත් මට කියන්ඩ.